තරු සමඟ කතා කරන Lee ගේ ආදරය Ask TheStars

Date:

Lee Min Ho කියන්නෙ ශ්‍රී ලංකාවෙ ඉන්න korean drama රසික රසිකාවියන් අතරෙ නම් අනිවාර්ය නාමයක්. නොදන්න කෙනෙක් නැතිම තරම්. ලංකාවෙ කෙල්ලන්ගෙ නම් First Crush එක කිව්වත් හරි. ඉතිං මේ අතිදක්ෂ, අසහය ඒ වගේම ඉතාම කඩවසම් රංගන ශිල්පියාගෙන් ඉදිරියට අපිට දකින්න ලැබෙන අලුත්ම Drama එක ගැන විස්තර කියන්නයි මේ සූදානම.

Lee Min Hoට 2022 වගේම 2023 වසරත් දැන්ම Schelde වෙලා ඉතාම කාර්යබහුල වෙලා කියලා තමයි දැනගන්න ලැබෙන්නෙ. ඒ කියන්නෙ LMHගෙන් අලුත් වැඩ රාශියක් අපිට දකින්න ලැබෙනවා කියන එක. Ask The Stars කියන්නෙ ඒ කාර්යබහුලත්වයේ එක පියවරක් හැටියට LMH නම් කරලා තියෙනවා. මේ වනවිට Lee Min Ho විසින් රූපගත කිරීම් කටයුතු ඉවර කරලා තියෙන ඔහුගේ තිරගත වීමට නියමිත අලුත්ම Drama එක තමයි මේ “Ask The Stars” කියන්නෙ.

Pachinko තිරගත වුණායින් පස්සෙ Lee min Ho ගේ අලුත් drama එකක් එනකම් මඟ බලාගෙන හිටිය ඔහුගේ රසික රසිකාවියන්ට නම් මේක ඉතාම සතුටුදායක ආරංචියක් වේවි. Ask The Stars upcoming drama එකේ LMH සමඟ රංගනයෙන් දායක වන ප්‍රධාන නිළිය වෙන්නෙ Ging Hyo Jin. අභ්‍යවකාශ මධ්‍යස්ථානයකදී හමුවී ආරම්භ වන ආදර ප්‍රහසන කථාංගයක් මේ නාට්‍යයට පාදක වී තිබෙන බව කොරියානු ප්‍රවෘත්ති ආයතන මේ වනවිට සනාථ කරලා තිබෙනවා.

සංචාරකයකු ලෙස අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පැමිණෙන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය Gong Ryong ලෙස Lee min ho රංගනයෙන් දායක වන බව පසුගිය මාර්තු 28 වන දින ඔවුන් තහවුරු කර තිබෙනවා. ඒ අතර Ging Hyo Jin විසින් කොරියානු – ඇමෙරිකානු ගගනගාමී Eve Kim ලෙසින් රංගන දායකත්වය ලබා දෙනවා. අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ඔවුන්ගේ මුණගැසීමෙන් පසු එතැන් සිට මේ ආදර ප්‍රහසන කථාංගය ආරම්භ වෙනවා.

මේ අලුත්ම කොරියානු නාට්‍යය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ පාක් ෂින් වූ (park shin wu) විසින්. ඔහු විසින් මීට පෙර අධ්‍යක්ෂණය කරනු ලැබූ “Its okay to not be okay” වගේම “Love struck in the city” ඉමහත් ජනාදරයට පත් වූ නිසා “Ask the Stars” නාට්‍ය පිළිබඳවත් එවැනිම බලාපොරොත්තුවක්  තබාගැනීමට හැකියාව තිබෙන බව තවදුරටත් සඳහන් වෙනවා. මෙහි තිර රචනය ප්‍රසිද්ධ කොරියානු ලේඛක සිඕ සූක් හියැන්ග් (Seo Sook Hyang) විසින් සිදු කර තිබෙනවා.

ඉතිං හැමදාම Romance වගේම Action Dramasවල වැඩි වශයෙන්ම දකින්න ලැබුණු අපේ LMHව Romance Comedy Drama එකකින් දකින්න කැමැති නම් මේක ඉතා හොඳ අවස්ථාවක් වෙයි කියලා මට විශ්වාසයි.

හිරූ ෆර්නෑන්ඩෝ

Share post:

ජනප්‍රිය

එවැනි තවත් පුවත්
එවැනි තවත් පුවත්

 ළඟ සිටින මිතුරා දුර සිටින නෑයාට වඩා අගනේය

ජීවිත කාලයේදී අපට හමුවූ අපෙන් වෙන්වූ මිතුරන් අනන්තයි අප්‍රමාණයි....

“නැති බැරි-බඩගිනි ඕනෑම කෙනෙක් ඇවිත් කාලා යන්න. රුපියලක්වත් අපිට එපා.”

පිළියන්දල, මාවිත්තර ‘ආයුබෝවන් රෙස්ටුරන්ට්’. එහි හිමිකරු තිලක් කුමාර ගමගේ...

දෑත වෙහෙසා වැඩ නොකරන අලසයාට වෙන දේ දන්නවාද?

අපි වෙසෙන මේ වත්මන් යුගයේ ඇතැම් බයිබල් ගුරුවරු අලසකම...

කමතක පුරුදු වෙලා ඕස්ට්‍රේලියාව පරද්දපු පෙදරේරු තාත්තගෙ යකඩ දියණී

නෙත්මි අහිංසා මේ දිනවල බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වී...