කොලිවුඩයෙන් ඉල්ලා ගත් සිනමා කිරුළ නැවත ලබාගැනීමට බොලිවුඩයෙන් එන shamshera

0
238

අද කියන්න යන්නෙ මේ දවස්වල කවුරුත් කතා වෙන YRF ලගෙ big scale වැඩක් ගැන. ඒ තමයි ශම්ශේරා. මේකෙ පූර්ව ප්‍රචාරක පටය මේ වෙනකොට  අන්තර්ජාලයට නිකුත් කරල අවසන්,  මෙයාලගෙ මෑත කාලයෙ කරපු තවත් project එකක් තමයි “තග්ස් ඔෆ් හින්දුස්තාන්”   කියන්නෙ. ඒත්  අවාසනාවකට ඒක fail. ඒ නිසා ශම්ශේරා වෙතට ලොකු අවධානයක් ලැබිල තිබෙනවා කියල නම් අපිට කියන්න පුළුවන්.  මේකෙ ටීසර් එකේ හැටියට වැඩේ ලස්සනට ඇති කියල අපි හිතමු, adventure සහ Historical type කතාවක් විධියට ශම්ශේරා හඳුන්වාදෙන්න පුළුවන්.

   මේක ඩිරෙක්ට් කරල තියෙන්නෙ “කරන් මල්හෝත්‍රා”. ඒ වගේම produced කරන්නෙ aditya chopra, මේ දෙන්න ගැන කියනව නම් වත්මන් හින්දි සිනමාවෙ සංවේදී සහ ආදරණීය දෙබස් රචකයෙක් විධියට aditya chopra, හඳුන්වන්න පුළුවන්,  “අග්නිපත්” සහ “බ්‍රදර්ස්” ඩිරෙක්ට් කරපු කරන් මල්හෝත්‍රා නිසාත් මේ වැඩේ කොලිටි එක හොඳට ඇති කියල හිතෙනවා.

මෙහි රංගනයෙන් දායක වෙන්නෙ රන්බීර් කපූර්, සංජේ දත් සහ වානි කපූර්, මෙයාලා තමයි ලීඩ් රෝල්වල ඉන්නෙ, ඒ වගේම තමයි අසුතෝශ් රාණා. මෙයාලා ගැන කතා කළොත්  රන්බීර් මේ වගෙ genre එකේ වැඩක් කරන පළමුවැනි වතාව මේක කියල තමයි කියන්නෙ, නමුත් මේකෙ ටීසර් එක සහ පෝස්ටර් එක බලපු ඕන කෙනෙක්ට හිතාගන්න පුළුවන්.  අපි කලින් ෆිල්ම්වල දැකල තියෙන කෙළිලොල් සීනිබෝල පාට රන්බීර් නම් නෙවේ කියල මොකද එයාගෙ ලුක් එකට හරිම අමුතු ගාම්භීර පෙනුමක් ඇවිත් තිබෙන්නෙ,  ඇත්තටම කිව්වොත් මේ ඉන්නෙ රන්බීර්ද කියල හිතාගන්නවත් බැරි තරම් අමුතු පර්සනැලිටි එකක් තිබෙනවා.

වානි කපූර් ගැන ටිකක් කතා කළොත්   නිරූපණ ශිල්පිනියක් විධියට තමන්ගෙ වෘත්තිය ආරම්භ කරල  යශ් රාජ් සමාගමේ “shuddh desi romance” චිත්‍රපටය තුළින්  සිනමාවට පිවිසෙන ඇය 2014 හොඳම නවක නිළියට හිමි සම්මානය දිනාගන්න සමත් වෙනවා. 

අසුතෝශ් රාණා ගැන කතා කළොත්  ගොඩාක් අය එයාගෙ නමින් එයාව නොදන්නව වෙන්න පුළුවන්, ඒත්  “ගෝකුල්” කියන නම නම් ඔයාලට හොඳටම මතක ඇති, ඒ දුශ්මාන් චිත්‍රපටය තුළ එන දුෂ්ට චරිතය නිසා, බොලිවුඩයේ දශක තුනක් පුරාවට විවිධ දුෂ්ට චරිත හරහා ඔහුව අපිට හමුවෙනව, ඒ වගේම  හොදම දුෂ්ට නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය පවා ඔහු දිනාගනු ලබනවා.

ඒ වගේම සංජේ දත් ගැන නම් කිසිම සැකයක් නැහැ මොකද ඔහු මේ චිත්‍රපටයෙ ඔහුගෙ චරිතයට උපරිම සාධාරණත්වය කරල ඇති කියල බලාපොරොත්තු වෙනව. විශේෂ දේ තමයි  මීට කලින් රන්බීර් වානි සමඟ රඟපෑම් ඉදිරිපත් නොකර ඇති අතර මේක එයාලගෙ පළමුවැනි අවස්ථාව වීම.

ඉතින් මම හිතනව ඔයාලාට මේ විස්තරේ නිසා මේ චිත්‍රපටයට දායක වෙන නළු නිළියො ගැනත් පොඩි හරිම අවබෝධයක් ලැබෙන්න ඇති කියල.

 මේ වෙනකොට දකුණු ඉන්දීය සිනමා කර්මාන්තය වේගෙන් නැඟී එන කාලෙක මේ වගේ දෙයක් බොලිවුඩයෙන් එළියට දාන එක ඇත්තටම හොඳ දෙයක්, මොකද පහුගිය කාලෙ බොලිවුඩයෙ ලොකු පසුබෑමක් අපි දකිනව. ඉතින් මේ වගේ නිර්මාණ හරහා බොලිවුඩ්වල සාර්ථකත්වය තව වැඩි කරගන්න පුළුවන් වෙයි කියල බලාපොරොත්තු වෙනව.  ඉතින් බොලිවුඩ් ෆිල්ම් පිස්සො, පිස්සියන්ට ශම්ශේරා ලොකු උන්මාදයක් ඇති වෙන තරමේ හොඳ නිර්මාණයක් වෙයි කියල අපි හිතමු.

 ඇත්තටම මේ ෆිල්ම් එක  රිලීස් කරන්න කතා වෙලා තිබුණේ සෑහෙන කාලෙකට කලින්. නමුත්  කොවිඩ් තත්ත්වයත් එක්ක ඒක අවුරුදු දෙක තුනකින් ආපස්සට ගියා කියල තමයි ආරංචිය, ඒ කොහොම වුණත් ඔන්න  ජූලි 22 මේ ෆිල්ම් එක රිලීස් වෙනව කියල තියෙනවා,  බොලිවුඩ්වල තවත් බොක්ස් ඔෆිස් බලාපොරොත්තුවක් එක්ක අපි බලාගෙන ඉමු  ශම්ශේරා එනකම්.

ශෂිනි රත්නායක