කමල් යළි ආරක්ෂක ලේකම්

0
245

විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යළි පත්කරනු ලැබ තිබේ. කමල් ගුණරත්න මහතා මීට පෙරද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබවූ අතර එවර ඔහු ඊට පත්කරනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2019 වසරේ නොවැම්බරයේදීය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ගුණරත්න මහතා අවසන් යුද සමයේ 53 වැනි සේනාංකයට නායකත්වය දුන්නේය. හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව කමල් ගුණරත්න මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියේ ‘එළිය’ සංවිධානයෙහි ප්‍රධාන කථිකයෙකු ලෙස කටයුතු කළේය.