අරගලකරුවන්ට විහාරමහාදේවිය දෙන්න ජනපති තීරණය කරයි

0
106

ගෝහෝම් රනිල් තේමා කර ගනිමින් ගාලු මුව‍ෙදාර පිටියේ අරගලයේ නියුතු විරෝධතාකරුවන්ට තම අරගලය අඛණ්ඩව පවත්වාගෙන යෑමට කොළඹ 07 පිහිටි විහාරමහාදේවි උද්‍යානයේ පැත්තක් වෙන්කර දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයන් හමුවේ ප්‍රකාශ කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 21දා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පැවැසීය.

පාර්ලිමේන්තුව පැය 24 කාලයකට කල් තබා වාර අවසාන කිරීමට අපේක්ෂා කරන්නේ යැයිද  ජනාධිපතිවරයා එහිදී පැවසු බව ගනේෂන් මහතා සදහන් කළේය. එසේම නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් තම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ එදිනට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළ බවද හෙතෙම කීය. තවද යහපාලන ආණ්ඩුව සමයේ සම්මත කරනු ලැබු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කරන බවත් එමෙන්ම ආණ්ඩුවේ හා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් ඇතුළත්ව ක්‍රියාකාරි කමිටු පත් කිරීමට කටයුතු කරන බවත් පක්ෂ නායකයන් හමුවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසුවේය.

ඩී.එල්. ජයකොඩි