අන්තර්ජාල ඇබ්බැහිවීම් ළඟ විනාශයක්

0
243

ෆේස්බුක්වලට ලොග් වී එය ඇබ්බැහියක් බවට පත්කරගත් නව යෞවනියන් ගැන විමසුම් නෙත් හෙළන්නට කාලය පැමිණ තිබෙන බව පෙනෙයි. මේ එවැනි උත්සාහයකි.

විශේෂයෙන් සමාජ මාධ්‍ය සියල්ල මේ යටතට ගැනෙයි.

නව යොවුන්වියේ පසුවන්නන්ට සමාජ මාධ්‍ය විසින් සිදුකරනු ලබන බලපෑම

පිළිබඳව ෆේස්බුක් සමාගම සමීක්ෂණයක් කර තිබේ. එම සමීක්ෂණයේ ප්‍රතිඵල රහසිගතව තබා ගැනීම පිළිබඳව දැඩි විවේචන මේ දිනවල එල්ල වී තිබීම නිසා ඒ ගැන කතා කළ යුතුමය.

ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලය හේතුවෙන් මානසික අවුල් සහගත බව හෙවත් සාංකාව  සහ මානසික අවපාතය හෙවත් විෂාදය තමන්ට ඇති කරවන බවට නව යොවුන් වියේ සිටින්නන් චෝදනා කරන බව එම අධ්‍යයන වාර්තාවන්ගෙන් පෙනී ගොස් ඇතැයි “Wall Street Journal” නමැති සඟරාව පවසා ඇත්තේ නිකමට නොවේ. මෙම තොරතුරු සඟවාගෙන සිටීම පිළිබඳව අදහස් දැක්වූ සමාජ ක්‍රියාධරයන් සහ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කියා සිටින්නේ අදාළ සමාගම “සිය ලාභය ගැන පමණක් සිතා” කටයුතු කර තිබෙන බවය.

ඉන්ස්ටග්‍රෑම් අයිතිය ෆේස්බුක් සමාගම සතුය.

මෙවැනි සමීක්ෂණයක් සිදුකිරීම තුළින්, “සංකීර්ණ සහ දුෂ්කර කරුණු පිළිබඳව වටහා ගැනීමට පවතින කැපවීම” තම සමාගම පෙන්නුම් කර ඇතැයි ඉන්ස්ටග්‍රෑම් ආයතනය පවසයි.

කෙසේ නමුත්, Wall Street Journal හි පළ වී ඇති පහත සඳහන් සොයාගැනීම් ෆේස්බුක් සමාගම විසින් ප්‍රතික්ෂේප කරද නොමැත.

2019දී ඉදිරිපත් කළ රූ සටහනක මෙසේ දැක්වේ. “සෑම නව යෞවනියන් තිදෙනකුගෙන් එක් අයකුට සිරුරේ පෙනුම පිළිබඳව පවතින කරුණු අප විසින් වඩාත් නරක තත්ත්වයකට පත් කරනු ලැබේ.”

සාංකාව සහ විෂාදය ඉහළ මට්ටමකට පත්කරවන බවට නව යෞවන වියේ පසුවන්නන් ඉන්ස්ටග්‍රෑම් ජාලයට චෝදනා කර තිබේ යැයි තවත් රූ සටහනක දැක්වේ.

2020දී සමීක්ෂණයකට භාජන වූ නව යෞවනියන්ගෙන් 32%් පවසා ඇත්තේ තම සිරුර ගැන අප්‍රසාදජනක හැඟීමක් ඇතිවූ අවස්ථාවකදී ඉන්ස්ටග්‍රෑම් මඟින් එම තත්ත්වය වඩාත් නරක මට්ටමකට පත්කරවනු ලබන බවය.

සමීක්ෂණයට භාජන වූ බි්‍රතාන්‍ය යෞවනියන්ගෙන් 13%කට සහ එක්සත් ජනපදයේ යෞවනියන් 6%කට ඉන්ස්ටග්‍රෑම් නිසා දිවි නසා ගැනීමේ චේතනාව යම් මොහොතක හෝ පහළ වී ඇති බවය.

“වෝල් ස්ටී්‍රට් ජර්නල්” හි පළකොට තිබෙන වාර්තාවට ප්‍රතිචාරයක් ලෙස තම සමීක්ෂණය පිළිබඳව ඉන්ස්ටග්‍රෑම් විසින් දීර්ඝ බ්ලොග් සටහනක් තබා ඇත.

එහි සඳහන් කොට ඇත්තේ වෝල් ස්ටී්‍රට් ජර්නල් වාර්තාව විසින්, “සමීක්ෂණයේ සීමිත ප්‍රතිඵල ගොන්නක් පමණක් කේන්ද්‍ර කර ගනිමින් ඒවා නිශේධාත්මක ලෙස වාත්තු කොට ඇති බවය.” කෙසේ නමුත් මෙම කාරණය මීට වඩා අතිශය සංකීර්ණ බව ඉන්ස්ටග්‍රෑම් පවසයි.

“අයුතු හිරිහැර, දිවිනසා ගැනීම්, තමන්ටම හානි පමුණුවා ගැනීම් සහ ආහාර අක්‍රමිකතා පිළිබඳව පුළුල් ලෙස කටයුතු කරමින් සෑම කෙනකුටම ඉන්ස්ටග්‍රෑම් ආරක්ෂිත සහ සහයෝගය ලබාදෙන ස්ථානයක් කිරීමට අප ක්‍රියා කර තිබේ” යනුවෙන් එම සමාගම සඳහන් කර තිබේ.

“අපගේ සමීක්ෂණ සහ විශේෂඥ උපදෙස් පාදක කරගනිමින් සෑම කෙනකුටම තෝරා ගැනීම් ලබාදී ඇත.” යනුවෙන් ද එහි සඳහන්ය.

එමෙන්ම, ඉදිරියේදී සිදුකරනු ලබන සමීක්ෂණ වඩාත් විනිවිදභාවයකින් යුක්තව සිදුකිරීමටද සමාගම ප්‍රතිඥා දී තිබේ.

නමුත්, ළමා හිංසනය වළක්වා ගැනීමේ ජාතික සංසදයේ, අන්තර්ජාල ළමා ආරක්ෂණ අංශයේ ප්‍රධානි ඇන්ඩි බරෝස් කියා සිටියේ ලැබී තිබෙන සාක්ෂි පදනම් කරගනිමින්, හානිය වළක්වා ගැනීම සඳහා කටයුතු නොකිරීම ඉතා ඛේදජනක බවයි.

“සමාජ ජාල අඩවිය ආරක්ෂිත ස්ථානයක් කිරීම සඳහා කටයුතු කරනවා වෙනුවට ඔවුන් කරන්නේ සමීක්ෂකයන්ට, නියාමකයන්ට සහ රජයට බාධා කරමින් එහි ප්‍රතිවිරුද්ධ පැත්ත ඔප්පු කිරීම සඳහා මහජන සම්බන්ධතා සහ ප්‍රචාරක මෙහෙයුම් දියත් කිරීමයි” ඔහු පැවැසීය.

ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා තාක්ෂණය කෙතරම් දුරට නියාමනය කළ යුතුද යන්න පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු කාරක සභාවේ ප්‍රධානත්වය දරන බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ඩේමියන් කොලින්ස් පවසන්නේ “වගවීම සඳහා ඔවුන් යොමු කිරීමට” කාලය එළැඹ ඇති බවය.

“මේ සමාගම, හානියට වඩා ඉදිරියෙන් ලාභය තබාගෙන කටයුතු කරන ආකාරය, වෝල් ස්ටී්‍රට් ජර්නල් විසින් සිදුකරනු ලැබ ඇති විමර්ශනයෙන් හෙළිදරව් කර තිබෙනවා” ඔහු ප්‍රකාශ කළේය.

“තමන්ගේම සමීක්ෂණයෙන්ම ඔප්පුවෙලා තියෙනවා ඉන්ස්ටග්‍රෑම් නිසා යෞවන වියේ පසුවන්නන් විශාල ප්‍රමාණයකට ඔවුන් පිළිබඳව අයහපත් හැඟීමක් ඇතිකරවන බව. නමුත් එම පිරිස නැවත නැවතත් එම අඩවියට ගෙන්වා ගැනීමට සමාගම කටයුතු කර තිබෙනවා.”

සමාජ මාධ්‍ය ජාලා අතරින් තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකරම සමාජ මාධ්‍ය ජාලය ඉන්ස්ටග්‍රෑම් බව 2017දී සිදුකළ සමීක්ෂණයකින් ද හෙළිවී තිබිණි.

මහා බි්‍රතාන්‍යයේ සිදුකළ මෙම සමීක්ෂණය සඳහා වයස අවුරුදු 14ත් 24ත් අතර තරුණ තරුණියන් 1479 දෙනකුගේ මතය විමසා තිබේ.

සාංකාව, විෂාදය, තනිකම සහ මානසික හිරිහැර වැනි ගැටලු ඇති කරවන ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලා අනුපිළිවෙළින් දක්වන ලෙස සමීක්ෂකයෝ ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ.

අන්තර්ජාලය ඔස්සේ කරන ලද මෙම මත විමසුමේදී සැලකිල්ලට ගෙන ඇත්තේ You Tube, Instagram , Snapchat, Facebook සහ  Twitter වැනි සමාජ ජාලා මඟින් තරුණ තරුණියන්ට ඇති වන බලපෑමය.

එම සමාජ ජාලා භාවිත කිරීම තුළින් තමන්ගේ සෞඛ්‍යයට හෝ යහපැවැත්මට යම් හානියක් සිදුවී ඇත්දැයි සෞඛ්‍ය ගැටලු 14ක ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් මෙහිදී සමීක්ෂකයෝ විමසා සිටියහ. සමීක්ෂණයට සහභාගි වූ අයගේ බහුතර මතය, ඊට ලැබුණු ප්‍රතිචාර සහ ඇගැයීම් තක්සේරු කළ විට පෙනීගොස් ඇත්තේ මානසික සෞඛ්‍යයට වැඩිම සෘණාත්මක මානසික බලපෑම සිදුවන සමාජ මාධ්‍ය ජාලය Instagram බවය.

කෙසේ නමුත් Instagram පවසන්නේ තම මාධ්‍ය භාවිත කරන්නන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ කොට සලකන බවය. කෙසේ නමුත්, තම දරුවන් ආරක්ෂිතව සහ සෞඛ්‍ය සම්පන්නව තබාගැනීම සඳහා මවුපියන් ගතයුතු පියවර කිහිපයක් බි්‍රතාන්‍ය වෛද්‍යවරුන් 2019දී නිර්දේශ කර තිබිණි.

රාත්‍රි ආහාරය ගන්නා අවස්ථාවේදී සහ නින්දට යන විටදී ජංගම දුරකථන හෝ එවැනි උපකරණ භාවිත නොකිරීම, පවුලක් ලෙස එකට එක්වී කතා බස් කිරීම ළමයින්ගේ වර්ධනය සඳහා ඉතා වැදගත් වේ.

නිදන වේලාවේදී ඩිජිටල් තිර සහිත උපකරණ නිදන කාමරයෙන් ඉවත් කර තැබීම. අන්තර්ජාලය ආරක්ෂිතව පරිහරණය කිරීම සහ සයිබර් අවකාශය හරහා සිදුවිය හැකි මානසික හිරිහැර (ඛ්රඡඥප- ඡභතතඪදඨ)  පිළිබඳව පවුලේ සියලුදෙනා එක්ව සාකච්ඡා කිරීම, එවැනි තත්ත්වයකට මුහුණ දෙන්නේ නම් කළ යුතු දේ පිළිබඳව දරුවා දැනුවත් කළ යුතු වේ.

පාර හරහා පැනීම හෝ සම්පූර්ණ අවධානය අවැසි එවැනි වෙනත් ක්‍රියාකාරකමක් කිරීමේදී ජංගම දුරකථනය භාවිත නොකිරීම.

පැය දෙකකට වරක් දරුවා තිරයෙන් ඉවත් කර අසුනෙන් නැඟිටවා වෙනත් ක්‍රියාවක යෙදවීම.

සමාජ ජාලා පරිහරණය කරන දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යෙදවීම.  දරුවන් සහ වක් ගොඩනඟා ගත යුතුය.

කෙසේ වෙතත් කොරෝනා තත්ත්වය හමුවේ ර්ණීදතඪදඥ  අධ්‍යාපනයට යොමුවී සිටින ඔබේ දරුවා ගැන මවුපියන් වශයෙන් ඔබටද මීට වඩා වුවමනාවකින්, උත්සාහයකින් සෙවුම් බැලුම් කරන්නට කාලය එළැඹ ඇතැයි පෙනෙයි.

BBC ඇසුරෙන්

සුලක්ඛන ජයවර්ධන