අක්‍රමවත් ඔසප් වීම දුරු කරන සුදුලූනු-කොල්ලු සතකුප්ප ඇතුළත් බලගතු කසායක්

0
35

හැම කාන්තාවකගේම උතුම්ම ප්‍රාර්ථනාව මවු පදවිය ලැබීමයි. අම්මා කෙනකු වීම තරම් දෙයක් කාන්තාවකට තවත් තිබිය නොහැකියි. මවක වීම සඳහා වන දීර්ඝ ක්‍රියාවලිය ආරම්භ වන්නේ යුවතියක මල්වර වීමත් සමඟයි. එනම් ඩිම්බකෝෂ මඟින් කාන්තා හෝමෝන නිපදවී එමඟින් ගර්භාශය උත්තේජනය කර ප්‍රථම ඔසප්වීම සිදුවීමත් සමඟයි. සාමාන්‍යයෙන් ගැහැනු දරුවකුගේ මල්වර වයස අවුරුදු 13-14 ලෙස හඳුනාගත හැකි වුවත් නොයෙකුත් හේතු මත අද එම වයස යම් පහත වැටීමකට ලක්ව තිබෙනවා. ඉතාමත් කලාතුරකින් යම් දරුවකුගේ මල්වරය තරමක් ප්‍රමාද විය හැකියි. එවන් අවස්ථාවක පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයකු වෙත යොමුවීමෙන් ශරීරයට ගැටලුකාරී රසායන ද්‍රව්‍ය සහිත ප්‍රතිකාර වෙනුවට ශාකසාර ඔෟෂධ ප්‍රතිකාර ලබාගත හැකියි.

මල්වරයට ආසන්න දියණියක සිටින විට මව වඩාත් විමසිල්ලෙන් සිටීම වැදගත්. කුලුඳුල් රුධිර වහනය සිදුවූ පසුවත් සමහර දරුවන් එය දැනගන්නේ නැහැ. එවැනි විටෙකදී මල්වරය ලෙස හඳුනාගන්නේ දෙවැනි වර සිදුවන  රුධිර වහනය හෝ පසුව සිදුවන  ඔසප් අවස්ථාවයි. මල්වරයත් සමඟ දියණියකගේ සිදුවන පැහැබර වෙනස හැම මවකගේම සිත සතුටින් පුරවනවා. එය ද්විතීයික ලිංගික ලක්ෂණ ඇති වීමයි.

මල්වරය හා බැඳුණු නොයෙකුත් චාරිත්‍ර වාරිත්‍ර අපට අතීතයෙන් උරුම වී තිබෙනවා. අප ඒවා අපගේ අනාගත පරම්පරාවටත් උරුම කළ යුතුයි. එය රටක සංස්කෘතිය පෝෂණය කරනවා. නමුත් මල්වරය සම්බන්ධ මිථ්‍යා මත රාශියක් තවමත් සමාජයේ පැලපදියන් වී තිබීම නම් කනගාටුවට කාරණයක්. අප ඒවා වෙනස් කරගත යුතුයි. බොහෝ අම්මාවරුන් ඔසප් දිනයේදී තම දියණියට ස්නානය කරන්න දෙන්නේ නැහැ. නමුත් වඩාත්ම පිරිසුදු විය යුත්තේත් එදිනටයි. අපවිත්‍ර රුධිරය ඉවත් කර දිය නා පිරිසුදු විය යුතුයි. මල්වරයේ හා ඔසප් දිනවල මස්, මාළු ආහාරයෙන් වැළකීමත් එවැනි නිරර්ථක ක්‍රියාවක්. රුධිරය පිටවීමත් සමඟ නොයෙකුත් පෝෂක කොටස් යම් ප්‍රමාණයක් හෝ ශරීරයට අහිමි වෙනවා. එබැවින් මස්, මාළු, කිරි, බිත්තර, පීකුදු වැනි ආහාර වර්ග වැඩිපුර ගැනීමට පුළුවන් නම් එසේ කළ යුතුයි. දිවි ගමනේ අඩක් හෝ ඊට වැඩියෙන් ගෙවා දැමූ ඔබ  කැමැතිනම් නිර්මාංස වෙන්න. නමුත් හැදෙන වැඩෙන වයසේ දරුවන් නිර්මාංස කර අනාගත පරපුර ජවයෙන් හීන කරන්නට ඔබ දායක වෙන්න එපා.

කෙනකුට ඔසප් දිනය සාමාන්‍ය වුවත් තව කෙනකුට එසේ නොවෙයි. ඉතා කලාතුරකින් අයකුට එය ඉතාමත් වේදනාකාරී වීමටත් ඉඩ තිබෙනවා. නමුත් ඒ ස්වාභාවික ප්‍රතික්‍රියාවන්ට මුහුණ දිය යුතුයි. එන්නත් හෝ ඔෟෂධ මඟින් එය පාලනය කිරීම අනාගතයේ බොහෝ ගැටලු සඳහා ආරාධනා කිරීමක් වැනියි. ඔසප් දිනය ඉතා සාමාන්‍ය නම් එදිනට ලිංගික සබඳතා පැවැත්වීමත් කිසිදු ගැටලුවක් වන්නේ නැහැ.

මල්වරය සිදුවීමෙන් යම් සාධාරණ කාලයකින් පසු ඔසප් චක්‍රය ක්‍රමානුකූලව සිදුවීමට පටන් ගන්නවා. එහි යම් ගැටලු සහගත බවක් ඇත්නම් ඔබ වහාම ආයුර්වේද ප්‍රතිකාර වෙත යොමුවන්න. ආයුර්වේද වෛද්‍යවරයා වෙත යෑමට ප්‍රථම ඔබට නිවෙසේදීම පහත ප්‍රතිකාරය කරගත හැකියි. ඔසප් දිනට දින 10කට පෙර පහත කසාය ආරම්භ කර උදේ සවස දින 7ක් බොන්න. 8 වැනි දිනයේ සැහැල්ලු විරේකයක් කරගන්න.

සුදුලූනු, කොල්ලු, සතකුප්ප, කෝමාරිකා කළං 3 බැගින් පත 8-1ට සිඳුවා යවකාර ලුණු දමා බොන්න.

වෛද්‍ය

සජානි වාසනා

ප්‍රනාන්දු

BAMS (Hons) University of Kelaniya

ධන්වන්තරි ආයුර්වේදය _

බිම්බාරාම පාර,

පිළියන්දල

0718659179