බොරු අංක තහඩු ගහගෙන ආවොත් දඬුවම මේකයි

5
2184

වාහනයේ අංක තහඩු වෙනස් කොට හසු වුවහොත් රුපියල් 20,000ක දඩයකට හෝ මාස තුනක සිර දඬුවමකට ලක්විය හැකි බව පොලිස් මූලස්ථාන උසස් නිලධාරියෙක් ‘මව්බිම’ට පැවසීය.

මෙම වරදට අදාළව එම වාහනයේ හිමිකරු අත්අඩංගුවට ගත හැකි බවත් එම වරදට අධිකරණය වෙත ඉදිරිපත් කොට මෙම දඬුවම් ලබා දිය හැකි බවත් එම නිලධරියා සඳහන් කළේ ය.

1984 අංක 40 මෝටර් වාහන පනත, 2009 අංක 8 8 දරන මෝටර් වාහන පනත හරහා සංශෝධනය වී එහි දැක්වෙන ආකාරයට මෙම දඬුවම් ක්‍රියාත්මක කළ හැකි ය.

වාහන අංක තහඩු වංචනික ලෙස වෙනස් කිරීම, අනුකරණය කිරීම, මකා දැමීම හෝ විනාශ කිරීම මෙලෙස දඬුවම් ලබාදීමට හේතු වන බවත් එහිදී මුල් අවස්ථාවේ වරදකරු වන අයට රුපියල් 15,000 ට නොඅඩු සහ රුපියල් 20,000ට නොවැඩි දඩයකට හෝ මාස තුනක සිර දඬුවමකට අධිකරණය මගින් දඬුවම් ලබා දීමට හැකියාව පවතී.

එසේ ම, මෙම වරදට දෙවැනි වතාවේ හෝ පසුව හසුවන්නෙකුහට මූල්‍ය දඩය 30,000කට නොඅඩු 50,000කට නොවැඩි දඩයකට හෝ මාස තුනක සිර දඬුවමට යටත් කිරීමට අධිකරණමය බලය තිබේ.

වාහන අංකයේ අවසාන අංකයට අදාළ දිනයන්හිදී ඉන්ධන ලබාදීම ඊයේ (ජූලි 21දා) සිට ආරම්භ කිරීමත් සමග ඇතැම් පිරිස් වාහන අංක තහඩු වෙනස් කරමින් ඉන්ධන හල් වෙත පැමිණි ආකාරයක් සාමාජ මාධ්‍ය වාර්තා වල දැක්විණි.

5 COMMENTS

  1. අංක තහඩු ක්‍රමයට තෙල් දුන්නට අද රාගම පේරලන්ද තෙල් පිරවුම් හලේදී පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ගේ වාහන වලට වෙනම තෙල් ලබා ගෙන ඇති බවටත් ඉක්මනින් තෙල් අවසන් වු බවටත් තෙල් පෝලිමේ හාටපු ගොඩක් අය කිව්වා…

  2. රක්ෂණ සහතික, ආදායම් බලපත් වැනි අත්‍යවශ්‍ය ලේඛණ නොමැති වාහනවලට ඉන්ධන ලබාදීම අත්හිටුවීම සුදුසු ය.

Comments are closed.