ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ හදිසි මෙහෙයුමක්: එහි සිටි අරගලකරුවන් ඉවතට (VIDEO)

0
355

අද (22) අළුයම පොලිසිය, ත්‍රිවිධ හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ලබා ගෙන ජනාධිපති ලේකම් කාර්යාලය තුළ, එහි ප්‍රධාන දොරටුව සහ කාර්යාලය අවට රැඳී සිටි විරෝධතාකරුවන් එම ස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, එම මෙහෙයුමේදී සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ය.

ඒ අතරින් දෙදෙනෙකු සුළු තුවාල සහිතව රෝහල්ගත කර ඇත.

අත්අඩංගුවට ගත් පිරිස කැලණිය, ඇඹිලිපිටිය, ජා-ඇළ, රත්නපුර, සෙවනගල, වැල්ලම්පිටිය, පිටිගල, වාද්දුව සහ නුගේගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.

ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

කොටුව පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශ කටයුතු සිදු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ පරීක්ෂණ කටයුතු සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් හා ඇඟිලි සටහන් පරීක්ෂණ නිලධාරීන් ඇතුළු අවශ්‍යතාව අනුව වෙනත් විද්‍යාත්මක සකසති සඳහා නිලධාරීන් කැඳවීමට නියමිත බව පොලිසිය වැඩිදුරට ත් පැවසීය.

පොලිසිය සඳහන් වැඩිදුරට ත් සඳහන් කළේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ය.

අරලගලකරුවන්ගේ අට්ටාල වෙත ප්‍රහාර එල්ල කළ බව ඔවුන් වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ළහිරු වීරසේකර පැවසීය.

එහිදී මාධ්‍යවේදීන් තිදෙනෙකු සහ නීතිඥයන් පිරිසක් ද ආරක්ෂක අංශවල පහර දීම්වලට ලක්ව ඇතැයි වාර්තාවල දැක්වේ.