නව අමාත්‍ය මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ.
කොළඹ අගමැති කාර්යාලයේදී අද (ජූලි 22) දහවල් නව අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම සිදු විය.
එම අමාත්‍ය මණ්ඩලය පහතින් දැක්වේ.
- දිනේෂ් ගුණවර්ධන – අගමැති / රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
- ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
- සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපන අමාත්‍ය
- බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
- කෙහෙළිය රඹුක්වැල්ල – සෞඛ්‍ය අමාත්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය
- මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය සහ වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය
- විජේදාස රාජපක්ෂ – අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංසකරණ අමාත්‍ය
- හරින් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම් අමාත්‍ය
- රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය
- ප්‍රසන්න රණතුංග – නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය
- අලි සබ්රි – විදේශ කටයුතු අමාත්‍ය
- විදුර වික්‍රමනායක – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
- කංචන විජේසේකර – විදුලි බල හා බලශක්ති අමාත්‍ය
- නසීර් අහමඩ් – පරිසර අමාත්‍ය
- රොෂාන් රණසිංහ – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය
- මනුෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
- ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය
- නලින් ප්‍රනාන්දු – වෙළෙඳ, වාණිජ හහා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය