ජනපති රනිල්ට සහය දෙන බව චීන ජනපති කියයි

0
507

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය සහය ලබා දෙන චීන ජනාධිපති ෂී ජින්පිං පවසයි.

වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

චීන ජනාධිපතිවරයා එමගින් ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවට ආර්ථික හා සමාජයීය ප්‍රකෘතිය කරා ගමන් කිරීමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව ය.

එමෙන් ම, ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට සහය ලබා දීමට සූදානම් බව ෂී ජින්පිං ප්‍රකාශ කර තිබේ.

අදාළ ලිපිය පහතින් දැක්වේ.