සිපෙට්කෝ යළි තෙල්වලින් පිරෙයි

9
1651

රට පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධන හල්වලට මේ වන විට ඉන්ධන ලැබෙමින් පවතින බව පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ ‘මව්බිම’ට පැවසීය.

ඔහු සඳහන් කළේ, රජය විසින් ලබා දෙනු ලැබ ඇති නිර්ණායක මත ඒ ඒ වාහන අංකයේ අවසන් අංකයට හිමි දිනය මත ඉන්ධන නිකුත් කරන බව ය.

එසේ ම, ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා සඳහන් කළේ, ඉන්ධන බෙදා හැරීම සඳහා බවුසර් 200ක් පමණ ඊයේ (ජූලි 21) දින යෙද වූ බව ය.

ඊයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් කොළොන්නාව හා මුතුරාජවෙල තෙල් තොග පර්යන්තවලින් නිකුත් කිරීමට කටයුතු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රකාශකයෙක් ‘මව්බිම’ කළ විමසුමකදී සඳහන් කළේ ය.

9 COMMENTS

  1. තෙල් වලින් පිරුබ නිසාද අර මිනිස්සු මහ පාන්දර ඉදල රෑ එලිවෙනකන් තාම පෝලිමේ ඉන්නෙ. බලේට එන්න මොන බයිල ගැහුවත් මොකා ආවත් වෙන්නෙ එකමදේ

  2. How ever if you are trying to short out this main requirement of petroleum as soon in the country. Entire cost of living will come down as previous. People are happy. No need to do any agitation in the future.
    At all.

    • හැකි ඉක්මනින්ම රට යථා තත්ත්වයට පත්කර ගැනීම සදභා හොරා කෑම නතර කර පාලකයින්ගේ සියලු වරප්‍රසාද සීමා කොට සැවොම එක්ව කටයුතු කර මොහොතක් එලබ ඇත.

  3. එක දවසකට අංක 4ක් වැඩියි. දිනකට අංක දෙක බැගින් දවස් 5ක් ලබා දී නැවත අංක 2 බැගින් ඉදිරි දින සදහා schedule එක සෑදිය හැකියි. සැම දෙනාටම දින 5කට වරක් අවස්ථාව ලැබෙනව.

Comments are closed.