ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අරගලකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය් අවධානය යොමු වී තිබේ.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් අද (ජූලි 22) අලුයම දිනයේ ඇති වූ මෙම තත්ත්වය සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා ඇති අතර ඇය පෙන්වා දෙන්නේ, අරගලකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය දැඩි කනස්සලට හේතු වී ඇති බව ය.
බලධාරින් වහා ම සංයමයෙන් කටයුතු කිරීමට අවධානය යොමු කළ යුතු බව ඇය අවධාරණය කර ඇත.
එමෙන් ම, තුවාල ලැබූවන් සඳහා වහා ම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ද ඇය ඉල්ලීමක් කර තිබේ.
මේ අතර, ශ්‍රී ලංකාවේ සිටින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ප්‍රකාශ කර ඇත්තේ, ගාලු මුවදොර ඇති වූ උණුසුම්කාරී තත්ත්වය ගැන දැඩි අවධානය යොමු කළ බව ය.
සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියේ වැදගත්කම තමන් පැහැදිලිව පෙන්වා දී ඇතැයි ඇති එහි වැඩිදුරට ත් සඳහන් කර ඇත.
මේ අතර, මානව හිමිකම් සම්බන්ධයෙන් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පෙන්වා දෙන්නේ, අදාළ සිදුවීම මෙය පිළිගත නොහැකි බව ය.
බලධාරීන් වහා ඉවත් වී විරෝධතා දැක්වීමේ අයිතිය ආරක්ෂා කළ යුතු බව ඔවුන් අවධාරණය කර තිබේ.
එමෙන් ම, ශ්‍රී ලංකා බලධාරීන් මෙම ප්රචණ්ඩ ක්‍රියා වහා ම නැවැත්විය යුතු අතර මේ ආකාරයෙන් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගත් අය නිදහස් කළ යුතු බව එම සංවිධානය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
We vehemently condemn the Security Force’s
beastly acts !
Comments are closed.