සුමන්තිරන් ඡන්දයක්ම ඉල්ලයි

0
38

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු යැයි තමන් යළිත් අවධාරණය කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් පවසයි.

හෙතෙම මේ බව පැවැසුවේ නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පසුගිය 20දා පාර්ලිමේන්තුවේ පැවැති රහස් ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කිරීම පිළිබඳව අදහස් දක්වමිනි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද කීවේය. “තවමත් පාර්ලිමේන්තු බලය පවතින්නේ ජනවරම අහිමි පොහොට්ටු පක්ෂය හෙවත් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණට බව මේ වන විට සනාථ වී තිබෙනවා. එබැවින් පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට මා ප්‍රකාශ කළ මතය නැවත වරක් ප්‍රකාශ කරන්න කැමැතියි. ජනාධිපති අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පෙරේදා පාර්ලිමේන්තුවේ ඉතා හොඳ කතාවක් කළා.

ජනාධිපති අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වූ ඩලස් අලහප්පෙරුමට සහයෝගය දීමට තීරණය කළ දේශපාලන පක්ෂවල සාමාජිකයන්ගේ එකතුව පමණක් 113ට වැඩියි. එසේ නම් සිදුවූයේ කුමක්ද යන්න ප්‍රශ්නයක් යැයිද ඔහු කීය.

ඩී. එල්. ජයකොඩි