සිපෙට්කෝ යළි තෙල්වලින් පිරෙයි

0
13

රට පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධන හල්වලට මේ වන විට ඉන්ධන ලැබෙමින් පවතින බව පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ ‘මව්බිම’ට පැවැසීය.

ඔහු සඳහන් කළේ රජය විසින් ලබාදී ඇති නිර්ණායක මත ඒ ඒ වාහන අංකයේ අවසන් අංකයට හිමි දිනය මත ඉන්ධන බෙදා හරින බවය.

එසේම ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා සඳහන් කළේ ඉන්ධන බෙදා හැරීම සඳහා බවුසර් 200ක් පමණ ඊයේ (21දා) දින යෙදවූ බවයි.

ඊයේ (21දා) පෙට්රල් මෙටි්‍රක්ටොන් 3,000ක් සහ ඩීසල් මෙටි්‍රක්ටොන් 4,000ක් කොළොන්නාව හා මුතුරාජවෙල තෙල් තොග පර්යන්තවලින් නිකුත් කිරීමට කටයුතු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රකාශකයෙක් ‘මව්බිම’ කළ විමසුමකදී සඳහන් කළේය.