ශාන්ත බෙනඩික්ට් පිලට කඩුලු 8ක ජයක්

0
11

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගයකදී කොළඹ මහානාම විද්‍යාලයට එරෙහිව කඩුලු 8ක ජයක් ලැබීමට කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත්විය.

මෙම තරගවලදී කොළඹ ඩී.එස්. සේනානායක, ගාල්ල මහින්ද, බම්බලපිටිය ශාන්ත පීතර, ගාල්ල රිච්මන්ඩ්, ගම්පහ බණ්ඩාරනායක, කෑගල්ල ශාන්ත මරියා සහ අම්බලන්ගොඩ ශ්‍රි දේවානන්ද යන කණ්ඩායම් පානදුර ශාන්ත ජෝන්, මාතර ශාන්ත සර්වේෂස්, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, හේනෙගම මධ්‍ය මහා විද්‍යාලය, කටුගස්තොට ශ්‍රී රාහුල සහ කළුතර විද්‍යාලය යන කණ්ඩායම්වලට එරෙහිව ජය වාර්තා කළහ.

කොටහේන ශාන්ත බෙනඩික්ට්-කොළඹ මහානාම

මහානාම- 120 පන්දුවාර 36.2

(එෂාන් විතානගේ 29, මෙතුල් ලියනාරච්චි 13/3, කෙවින් ජේසන් 23/2)

ශාන්ත බෙනඩික්ට්- 121/2 පන්දුවාර 35.3

ෂාරුජන් ෂන්මුගනාදන් නොදැවී 50, දුමිඳු යෙහාන් 44)

ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට කඩුලු 8ක ජයක්.

කොළඹ ඩී. එස්. සේනානායක_පානදුර ශාන්ත ජෝන්

ඩී.එස්. සේනානායක- 194 පන්දුවාර 44

(ඩිලාෂ් කුමාරනායක 33, මලිත පෙරේරා 32, ප්‍රබෝධ ප්‍රනාන්දු 25/3)

ශාන්ත ජෝන්- 105 පන්දුවාර 28.2

(දෙනෙත් පීරිස් 39, ගීත්ම ප්‍රනාන්දු 36, කිරාන් පෙරේරා 27/5)

ඩී.එස්. සේනානායක විද්‍යාලයට ලකුණු 89ක ජයක්.

ගාල්ල මහින්ද_මාතර ශාන්ත සර්වේෂස්

ශාන්ත සර්වේෂස්- 264/5 පන්දුවාර 48

(චමරිඳු නෙත්සර 88, මිථිල චාල්ස් 70, විශ්ව නෙත්මිණ 42, උෂාන් සංකල්ප 44/2)

මහින්ද- 164/5 පන්දුවාර 22

(දිනෙත් පැහැසර 44, නිකිල් ජයවීර 27, ප්‍රනීත් මිහිරංග 26/2)

ගාල්ල මහින්ද විද්‍යාලයට පැරබෝලා ක්‍රමයට කඩුලු 5ක ජයක්.

බම්බලපිටිය ශාන්ත පීතර _ පිළියන්දල ම.ම.වි.

ශාන්ත පීතර- 174 පන්දුවාර 40.1

(ඩිලාන් දම්සර 71, තිනෙත් සාලිංග 36/3, අදීප සස්මිත් 42/3)

පිළියන්දල ම.ම.වි- 126 පන්දුවාර 46.2

(නිසිත් කරන්නාගොඩ 27, විරුල් අමරපාල 24/3)

ශාන්ත පීතර විද්‍යාලයට ලකුණු 48ක ජයක්.

ගාල්ල රිච්මන්ඩ්_ගාල්ල ශාන්ත ඇලෝසියස්

රිච්මන්ඩ් – 214 පන්දුවාර 50

(හේලිත් එදිරිසිංහ 64, තමිඳු ප්‍රදීප්ත 57, චාරුක ගුණසේකර 51, කවිඳු කේෂර 39/4)

ශාන්ත ඇලෝසියස්- 195/8 පන්දුවාර 47

(චාර්ය රසාර 52, දෙනෙත් දේව්මින්ද 51, ජඩීජියා ස්ටෙෆාන් 21/2, මලිත පෙරේරා 21/2)

රිච්මන්ඩ් විද්‍යාලයට පැරබෝලා ක්‍රමයට ලකුණු 15ක ජයක්.

ගම්පහ බණ්ඩාරනායක – හේනෙගම ම.ම.වි.

බණ්ඩාරනායක ම.ම.වි- 247 පන්දුවාර 47

(පවන් බුද්ධික 79, මනිඳු හේරත් 53, ඕෂධ විමුක්ති 39/3)

හේනෙගම ම.ම.වි- 195 පන්දුවාර 33.4

(බෝධික ජලේෂ් නොදැවී 65, මනිඳු හේරත් 41/3)

බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයට ලකුණු 52ක ජයක්.

කෑගල්ල ශාන්ත මරියා-කටුගස්තොට ශ්‍රී රාහුල

ශාන්ත මරියා 170 පන්දුවාර 44.4

(චනුක කහඳවල 43, සඳුනිල් රත්නායක 46/5)

ශ්‍රී රාහුල- 109 පන්දුවාර 31.5

(ලසල් මෙනුර 36, චනුක කහඳවල 20/4)

ශාන්ත මරියා විද්‍යාලයට ලකුණු 61ක ජයක්.

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද_කළුතර විද්‍යාලය

කළුතර විද්‍යාලය- 166 පන්දුවාර 45.5

(තුළිණ ඕෂධ 43, කෞශිල අමෝද්‍ය 41, සඳළු රශ්මික 23/3)

ශ්‍රී දේවානන්ද- 165/6 පන්දුවාර 27.5

(සිතුම් විහඟ 49, මයුර මල්ෂාන් 36, නිසල් නේතික 33/3) 

ශ්‍රී දේවානන්ද විද්‍යාලයට පැරබෝලා ක්‍රමයට කඩුලු 4ක ජයක්.