ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා නේපාලයෙන් කැනඩාවට යයි

0
71

ශ්‍රී  ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දසනායක කැනඩා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව කැනඩා ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබිණි.

කෙසේ වෙතත් මෙයට පෙර නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ පුබුදු දසනායක පසුගියදා එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළේය. පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම තීරණය ගත් බව එය නිල වශයෙන් නිවේදනය කරමින් නේපාල ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇත.

එසේ වුවත් ක්‍රිකට් ලෝක කුසලාන ලීග් තරගාවලියේදී නේපාල ජාතික කණ්ඩායම ස්කොට්ලන්තයේ තරග වැදීමට නියමිතව තිබියදී පුබුදු දසනායක මහතා මෙම තීරණය ගෙන තිබීමද විශේෂත්වයකි.