වඩ්ඩුකෝඩ්ඩෙයි ර්ණීධ්ඛ්ගේ හදිසි උපකාරයෙන් ගැබිනි කතගේ දිවි බේරෙයි

0
252

යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේ ගර්භණී කාන්තාවක ප්‍රසූත වේදනාව හට ගැනීම නිසා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි අවස්ථාවක ඉන්ධන නොමැතිව ත්‍රිරෝද රථය නැවතී ඇති අතර යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිස් ස්ථානාධිපති එච්.එම්. සමන් ගුණතිලක මහතා සිය නිල රථය ලබාදී ගර්භණී කාන්තාව රෝහල්ගත කිරීම හේතුවෙන් ඇයගේ ජීවිතය බේරා ගැනීමට හැකිවී ඇත.

පොලිස් ස්ථානාධිපතිවරයා හදිසි අවස්ථාවේදී දුන් උපකාරය හේතුවෙන් ගර්භණී කාන්තාව ගැටලුවකින් තොරව රෝහල්ගත කිරීමට හැකිවී ඇති බවද ජනතාව පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිස් ස්ථානාධිපති සමන් ගුණතිලක මහතාගෙන් විමසීමේදී ස්ථානාධිපතිවරයා පැවැසුවේ ගර්භණී කාන්තාවක් රෝහල්ගත කිරීමට ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටියදී ත්‍රිරෝද රථයේ ඉන්ධන නොමැතිව නතර වී තිබූ බවයි. ත්‍රිරෝද රථයේ සිටි ගර්භණී කාන්තාව වේදනාවෙන් පෙළෙමින් සිටි බැවින් තමන් වහාම මැදිහත්වී තම පොලිස් ස්ථානයේ කාන්තා නිලධාරිනියක, පොලිස් සැරයන්වරයකු හා පොලිස් රියැදුරකු යොදා අදාළ ගර්භණී කාන්තාව හා ඇයගේ සැමියා යාපනය රෝහලට ඇතුළත් කළ බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසීය.

වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේ සිට යාපනය රෝහල දක්වා කිලෝමීටර් 11ක පමණ දුරක් පවතින බැවින් හැකි විගස ගර්භණී කාන්තාව රෝහල්ගත කළ යුතුව තිබූ නිසා සිය නිල රථය දුන් බවද ස්ථානාධිපතිවරයා කීය.

වවුනියාව – එන්. ප්‍රියදර්ශනී