මයන්ත සජබ තනතුර අත්හරී

0
19

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක සමගි තරුණ බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

ඉල්ලා අස්වීමේ ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත ඊයේ (21දා) දී තිබේ.

මේ පිළිබඳව ‘මව්බිම’ කළ විමසීමකදී සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර අදාළ ලිපිය සති දෙකකට පමණ පෙර ලියූ ලිපියක් වන බවත් එය ඊයේ (21දා) තමා වෙත භාරදුන් බවත් පැවැසීය.

එම තනතුරට රැඩිකල් නායකයකු පත්කරන්නැයි තමාට කෙරුණු ඉල්ලීම් සලකා මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කළා යැයි මයන්ත දිසානායක මන්ත්‍රිවරයා පක්ෂයට දැන්වී යැයිද මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නිර්මාණි ගුණරත්න