පැල්වත්තේ වෘත්තීය සමිති නායකයකුට නාඳුනන පිරිසක් පහරදීලා

0
14

ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත ඒකකයේ සමඟි සේවක සංගමයේ ලේකම්වරයාට පෙරේදා (20දා) රාත්‍රි නාඳුනන පිරිසක් පහරදී ඇතැයි බුත්තල පොලිසිය පවසයි.

පහරදීමෙන් තුවාල ලැබූ එම සංගමයේ ලේකම් ජීවන් ප්‍රදීප් මහතා මේ වනවිට බුත්තල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

හෙතෙම රාත්‍රි සේවා මුරය නිමකොට රාත්‍රි දහයට පමණ සේවක ප්‍රවාහන බස්රථයෙන් නිවෙසට යෑමට බස් රථයට ගොඩවූ අවස්ථාවේ කිසියම් පිරිසක් ඔහුට පහරදීමෙන් හිසට තුවාල වී ඇති බව අනාවරණය වී තිබේ.

සිද්ධිය පිළිබඳව බුත්තල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බිබිල – නඳුන් ගුණතිලක