නව අගමැති කැබිනට් මණ්ඩලය මල්පාරේදී අද දිවුරුම් දෙයි

0
295

නව අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය අද (22දා) පෙරවරු 10ට කොළඹ 03, මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතය.

පැවැති කැබිනට් අමාත්‍යාංශවලට එම ඇමැතිවරුන් පත් කිරීමට නියමිත අතර විදේශ කටයුතු අමාත්‍යාංශයට මහාචාර්ය ජී.එල්. පීරිස් වෙනුවට නීතිඥ අලි සබ්රි පත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ සෙසු දේශපාලන පක්‍ෂවල නියෝජනයද හිමි වන පරිදි තවත් අමාත්‍ය ධුර කිහිපයක් සඳහාද සති දෙකක් ඇතුළත පත්වීම් සිදුවනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධව ඒ ඒ පක්ෂ සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කරමින් සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙමළ හා මුස්ලිම් පක්ෂවලටත් අමාත්‍ය තනතුරු හෝ රාජ්‍ය අමාත්‍ය තනතුරු සඳහා ඇරයුම් කර ඇතැයිද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

විනීතා එම්. ගමගේ