පාර්ලිමේන්තු මන්ත්‍රි ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව එම පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරයට ධම්මික පෙරේරා පත් කරනු ලැබීය.
ඉන් අනතුරුව ඔහු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන් අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ පසු එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ධම්මික පෙරේරා පසුගියදා තීරණය කළේය.