තරුණියන් පෙම්වතියන් කරගෙන නිරුවත් රූප අන්තර්ජාලයට දාලා

0
14

තමන් ඇසුරු කරන මහනුවර මහයියාව ප්‍රදේශයේ විසිතුන් හැවිරිදි තරුණියන්ගේ නිරුවත් හා අඩ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හළ බව කියන තරුණයකු මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්ත පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු, තරුණියන් හා ප්‍රේම සම්බන්ධතා ගොඩ නඟාගෙන ඔවුන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක්කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත.

තරුණියක විසින් කරන ලද පැමිණිල්ලකින් පසු පොලිසිය අදාළ තරුණයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර තරුණයාගේ ජංගම දුරකථනයෙන් අදාළ ඡායාරූප ගෙන තිබෙන බවට හෙළි වී තිබෙන අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මහනුවර – කේ.එල්. සුරවීර