ගයන්තිකා අද තරග බිමට

0
296

ඇමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේදී මේ දිනවල පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්න අද තරග බිමට පිවිසීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් අද (22දා) පෙරවරු 5.40ට පමණ කාන්තා මීටර් 800 මූලික තරගය සඳහා ගයන්තිකා අබේරත්න ඉදිරිපත්වීමට නියමිතව ඇත.

යම් හෙයකින් ඇය අවසන් පූර්ව වටයට තේරී පත්වුවහොත් එම තරගය ශ්‍රී ලංකා වේලාවන් හෙට (23දා) පෙරවරු 7.05ට පමණත්, අවසන් තරගය 25 වැනිදා (ශ්‍රී ලංකා වේලාවෙන්) පෙරවරු 7.05ට පමණත් පැවැත්වීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් මෙතෙක් පැවැති තරගවලදී ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ අනෙක් දෙදෙනාටම (යුපුන් අබේකෝන් සහ නිලානි රත්නායක) මූලික තරගයෙන් ඔබ්බට පිවිසීමට නොහැකි වී තිබිණි.

විචිත්‍ර වීරසිංහ