අන්තරේ කැඳවුම්කරුට රත්කරව්වේ ජිනරතන හිමිට වරෙන්තු

0
21

උද්ඝෝෂණයක අයුතු ජන රාශියක යෙදී සිටීම හා මාර්ග අවහිරයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට හා රත්කරව්වේ ජිනරතන හිමිට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (21දා) වරෙන්තු නිකුත් කළේය.

සැකකරුවන් ඊයේ  දින අධිකරණය හමුවට ඉදිරිපත් නොවීම මත පොලිසියේ ඉල්ලීම පරිදි මහෙස්ත්‍රාත්වරයා මෙලෙස වරෙන්තු නිකුත් කළේය.

ඉකුත් 2021 වසරේ කොටුව ප්‍රදේශයේ කළ උද්ඝෝෂණයකදී මාර්ගය අයුතු  ලෙස අවහිර වන ආකාරයෙන් කටයුතු කිරීම මෙන්ම අයුතු ජන රාශියක සාමාජිකයන් ලෙස කටයුතු කිරීම යන චෝදනා යටතේ කොටුව පොලිසිය මෙම සැකකරුවන්ට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබිණි.

ඒ අනුව එම නඩුව ඊයේ (21දා) අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී නොසිටීම මත මෙලෙස වරෙන්තු නිකුත් කෙරිණි.

හංසි නානායක්කාර