අගමැතිකම දිනේෂ්ට

0
280

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් පසු හිස් වූ අග්‍රාමාත්‍ය තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනකුගේ නම් මේ වන විට යෝජනා වී ඇතැයි දේශපාලන පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩු පක්ෂයෙන් සභානායක දිනේෂ් ගුණවර්ධනගේ නම යෝජනා වී ඇති අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ නම්ද තවත් පාර්ශ්ව වෙතින් යෝජනා වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

එම තිදෙනාගෙන් සභානායක දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය තනතුරට පත්කිරීමේ වැඩි ඉඩක් ඇතැයි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජේ‍යෂ්ඨයෙක් ‘මව්බිම’ට පැවැසීය. සභානායක දිනේෂ් ගුණවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාසල් සමයේ රාජකීය විද්‍යාලයීය සමකාලීන මිතුරෙකි.

විනීතා එම්. ගමගේ