අගමැතිකමට සජබෙන් කොළ එළියක්

0
37

අගමැතිකම භාර ගැනීමට සමගි ජන බලවේගයට ආරාධනාවක් ලැබුණහොත් පක්ෂයේ එකඟතාවක් අනුව සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර පැවැසීය. ජනාධිපති තෝරන ඡන්දයේදී පාර්ලිමේන්තුවේ නියෝජනය වූයේ එක් කඳවුරක මතය බවත් ජනතා මතය නොවන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

ඡන්ද විමසීමෙන් අනතුරුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පැවැසූ පරිදි ‘අපි  ඩලස්ව දැම්මා ඔහු පැරදුණා’ යනුවෙන් කළ ප්‍රකාශය පැහැදිලිවම ජනතාව නොමඟ යැවූ ප්‍රකාශයක් බවද ඔහු ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

එම නිසා ඉතාමත් ඉක්මනින් මැතිවරණයක් පවත්වා  රටේ ජනමතය පිළිබිඹු වන පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවද මහලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ අගමැති ධුරය භාර ගැනීමට සිය පක්ෂය සූදානම් නැතැයි මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

නිර්මාණි ගුණරත්න