වසන්ත මුදලිගේට සහ රත්කරව්වේ ජිනරතන හිමිට වරෙන්තු

0
1469

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට සහ රත්කරව්වේ ජිනරතන හිමිට කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (ජූලි 21) වරෙන්තු නිකුත් කර තිබේ.

2021 වසරේ පැවති උද්ඝෝෂණයකදී අයුතු ජනරාශියක් ලෙස කටයුතු කරමින් අයුතු අවහිරයක් සිදු කළේ යැයි කියමින් පොලිසිය විසින් ගොනු කරනු ලැබ ඇති පැමිණිල්ලකට අදාළව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම වරෙන්තු නිකුත් කර ඇත.

එහිදී අදාළ පැමිණිල්ලේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමි අධිකරණයේ පෙනී සිට නොමැත.

ඒ අනුව, පොලිසිය කළ ඉල්ලීමක් පිළිගෙන මහේස්ත්‍රාත්වරයා මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.