අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න්ට කොරෝනා

0
1257

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න්ට කොවිඩ්-19 වැළඳී තිබේ.

ධවල මන්දිර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, මේ වන විට ඔහු මෘදු රෝග ලක්ෂණ පෙන්වන බව ය.

එන්නත්කරණය සම්පූර්ණ කර බූස්ටර් මාත්‍රා දෙකක් ලබා ඇති ජෝ බයිඩ්න් ධවල මන්දිරයේ හුදෙකලා වී සිය රාජකාරි දිගට ම කරගෙන යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව ඔහු, දුරකතනයෙන් හෝ Zoom හරහා දිගට ම රැස්වීම් පවත්වන බව ත් දැනට ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව ත් අදාළ වාර්තාවල දැක්වේ.

ජෝ බයිඩ්න් 79 වන වියේ පසු වෙයි.

ඒ සම්බන්ධයෙන් ධවල මන්දිරය නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ.