නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට

0
469

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට (ජූලි 22) උදෑසන කොල්ලුපිටිය මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කිරීමට නියමිත ය.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව පැවසීය.

එහි දැක්වෙන්නේ, අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම හෙට උදෑසන 09.00ට සිදු කෙරෙන බව ය.

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද (ජූලි 21) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දුන්නේ ය.