“මං රාජපක්ෂලාගේ මිතුරෙක් නෙවෙයි: සාමකාමී අරගලකරුවන්ට බලපෑම් කරන්නේ නෑ” – රනිල් (VIDEO)

1
250

ජනතාවට අවශ්‍ය වෙනස ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අභිනව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීමෙන් අනතුරුව ගංගාරාම විහාරස්ථානය වෙත ඊයේ (ජූලි 20) පස්වරුවේ පැමිණ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තමන් රාජපක්ෂ පවුලේ මිතුරෙකු නොව ජනතාවගේ මිතුරෙකු බව ඔහු එහිදී විදෙස් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, තම බලාපොරොත්තුව පාර්ලිමේන්තුව තුළ සිටින සෙසු පක්ෂ සමග සහයෝගයෙන් වැඩ කිරීම බව ය.

සාමකාමීව විරෝධතාවල නිරත වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව පවතින අතර අරගල මුවාවෙන් නිවාස ගිනි තැබීම මෙන් ම ජනාධිපති කාර්යාලය ඇතුළු විවිධ ස්ථාන අත්පත් කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

එවැනි ක්‍රියා නීති විරෝධී වන අතර එවැනි කටයුතුවල නිරතවන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, අරගලයේ නිරත තරුණයන්ට අනාගතයක් ගොඩනැගීමට අවශ්‍ය නම් ඊට සම්පූර්ණ සහය ලබාදෙන බව ය.

එමෙන් ම සාමකාමීව අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය මේ වන විට යටපත් වී ඇති අතර අවශ්‍ය නම්, ඔවුන්ට අදහස් ප්‍රකාශ කිරීමට වේදිකාවක් සකස් කර දීමට ද හැකි බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරට ත් පැවසීය.

1 COMMENT

  1. Peaceful protesters exist only in the parliament. Protesters outside, protest. Protesting against the existing system. Parliament is a major part of that system. Corruption everywhere is part of the cause of the sufferings of the masses.
    No rules to stop or against bribery within Parliament or outside. Although hundreds of millions of rupees have been changed hands regularly to grab/protect power nobody has ever been convicted, other than a poor cop taking Rs. 10/ to not to issue a parking or traffic ticket.
    It should start from the top. Has President, ministers, MPs, business people involved in, taken part or was aware of bribing or promises of offering of cash, cash equivalent or powerful positions in order to get the support during parliamentary election for the presidency or any other occasions for undue favours. Nobody would show the hand. But most of the population is convinced they do and that’s a major qualification to become a politician.
    Now Dullas and co. need to rethink whether they are at the right place. I won’t be surprised if he will be lost with innocent declaration that he refused free vehicle permits six times. Most of the people are trained to assume that’s a poor attitude and being corrupt is the best way forward.

Comments are closed.