ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අත්හරී?

0
666

ධම්මික පෙරේරා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට ඇතැම් මාධ්‍යවල වාර්තා පළ වී තිබේ.

ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් mawbima.lk පාර්ලිමේන්තුවෙන් විමසීකමක් කළ අතර වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ, එවැනි දැනුම් දීමක් මෙතෙක් පාර්ලිමේන්තුව වෙත ලැබී නොමැති බව ය.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පත් කරන ලද ධම්මික පෙරේරා ජූනි මස 22 වන දා මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේ ය.

අනතුරුව ඔහු ජූනි මස 24 වන දා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් අතර දින කිහිපයකට පසු ජූලි 10 වන දා එම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වීමට කටයුතු කළේ ය.