රට පුරා සිපෙට්කෝ ඉන්ධනහල්වලින් ඉන්ධන බෙදා හැරීම යම් සීමාවක් යටතේ අද (ජූලි 21) සිට ක්‍රියාත්මක කෙරෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.
එම අමාත්‍යංශය සඳහන් කළේ, පෙර සැලසුම් කළ පරිදි වාහනයේ අවසන් අංකයට අදාළ දිනය සහ අදාළ වාහනයේ ස්වභාවය අනුව කෝටා ක්‍රමයකට ඉන්ධන ලබා දෙන ය.
ඒ අනුව, වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව 0,1 හෝ 2න් අවසන් වන ඉලක්කම් සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා දින දෙකත් 3, 4 හෝ 5න් අවසන් ඉලක්කම් සඳහා බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින දෙකත් 6, 7, 8 හෝ 9න් අවසන් ඉලක්කම් සඳහා සඳුදා, බදාදා සහ සිකුරාදා දවස් තුනත් අනුව ඉන්ධන ලබා දීමට තීරණය කොට ඇත.
එමෙන් ම ජාතික ඉන්ධන අවසර පත අනුව ඉන්ධන ලබා දීම කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පිරවුම්හල් කිහිපයක අද (ජූලි 21) සිට දින 3ක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට ත් එය දීපව්‍යාප්තව ලබන 25 වන දා සිට ක්‍රියාවට නැංවීමට ත් තීරණය කර තිබේ.
එසේ ම, ඉදිරි සතියක කාලය ඉන්ධන අවසර පත ක්‍රියාත්මක වන තුරු මෝටර් බයිසිකලයකට උපරිම රු. 1,500ක් ද, ත්‍රිරෝද රථයකට රු.2,000ක් ද සහ අනෙකුත් වාහන වෙනුවෙන් රු.7,000ක් ද උපරිම මුදලකට පමණක් ඉන්ධන නිකුත් කෙරෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරට ත් පැවසීය.
Oya widiyata nathi ekata deela paga dena ewuwanta full tank gahala dei oya okkoma prashna nahane hama shed ekakatama ekapara thel bawusara ewuwanam harine
KH 4966 car
Comments are closed.