ශා. බෙනඩික්ට් පිලට ඉනිමක ජයක් කිත්මගෙන් ලකුණු 183ක් සමඟ තුන් ඉරියව් දස්කම්

0
10

ශ්‍රී  ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේදී තම දෙවැනි ශතකය රැස් කිරීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ නෙතුල එදිරිමාන්න සමත්වෙද්දී එම තරගයේදීම කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයට එරෙහිව ලකුණු 183ක් සමඟින් තුන් ඉරියව් දස්කම් දැක්වීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ කිත්ම සිත්මල් සමත්විය.

එහිදී ආනන්ද විදුහලේ නෙතුල එදිරිමාන්න පන්දු 167කදී හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 101ක් රැස් කළ අතර, දකුණත් පිතිකරු කිත්ම සිත්මල් පන්දු 156කදී හතරේ පහර 21ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 183ක් රැස් කළේය. කෙසේ වෙතත් පන්දුවෙන්ද දස්කම් දැක්වූ කිත්ම සිත්මල් ලකුණු 41කට කඩුලු 6ක් ද දවාලීය.

තවත් තරගයකදී කොටහේන ශා. බෙනඩික් විදුහලේ මානික්‍ය දේශප්‍රිය ලකුණු කිසිවක් ලබානොදී කඩුලු 5ක් දවාලීය.

මෙම තරගවලදී පාදුක්ක සිරි පියරතන විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 94ක ජයක් ලැබීමට කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත්වූ අතර, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය කඩුලු 9කින් පැරදවීමට ගාල්ල මහින්ද විද්‍යාලයට හැකි විය. කොළඹ ආනන්ද, මහනුවර ශාන්ත සිල්වෙස්තර, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සහ ක¼දාන දි මැසිනෝද් යන කණ්ඩායම් පළමු ඉනිමේ ජය වාර්තා කළහ. 

කොළඹ ආනන්ද – කොළඹ ශාන්ත ජෝශප්

ආනන්ද පළමු ඉනිම – 314/3

(කිත්ම සිත්මල් 183, නෙතුල එදිරිමාන්න නොදැවී 101)

ශාන්ත ජෝශප් පළමු ඉනිම – 163

(අමීෂ ගුරුගේ 48, කිත්ම සිත්මල් 41/6)

ශාන්ත ජෝශප් දෙවැනි ඉනිම – 66/1

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය – කොළඹ ලුම්බිණි

ලුම්බිණි පළමු ඉනිම – 126

(නිතිෂ් කමලසරිය 38/6, සඳෙව් ඉන්දීප 23/3)

ආනන්ද ශාස්ත්‍රාලය පළමු ඉනිම – 135

(සඳෙව් ඉන්දීප 82), ලුම්බිණි දෙවැනි ඉනිම 84/6

(සඳෙව් ඉන්දීප 30/5)

ගාල්ල මහින්ද _ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද

ශ්‍රී දේවානන්ද පළමු ඉනිම – 79

(සඳෙව් නෙත්මිණ 19/4)

මහින්ද පළමු ඉනිම 156/8

(කවීෂ ගිත්මල් 74)

ශ්‍රී දේවානන්ද දෙවැනි ඉනිම 105

(සිසුරු සිල්වා 38, කවීෂ ගිත්මල් 26/4)

මහින්ද දෙවැනි ඉනිම 30/1

මහින්ද විද්‍යාලයට කඩුලු 9ක ජයක්.

කොටහේන ශාන්ත බෙනඩික්ට් _ පාදුක්ක සිරි පියරතන

ශාන්ත බෙනඩික්ට් පළමු ඉනිම 205/5

(මහීෂ ටෙහාන් නොදැවී 80, මානික්‍ය දේශප්‍රිය 72, චමක දහම් 24/3)

සිරි පියරතන පළමු ඉනිම 96

(තරුෂ ලියනගේ 61, ගීනෝද් පෙරේරා 8/5)

සිරි පියරතන දෙවැනි ඉනිම – 15  (මානික්‍ය දේශප්‍රිය 0/5)

ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 94ක ජයක්.

මහනුවර ශාන්ත සිල්වෙස්තර_මහනුවර කිංග්ස්වුඩ්

කිංග්ස්වුඩ් පළමු ඉනිම – 109

(කවීෂ චන්දිමාල් 21/5, ෂෙනාල් විජේරත්න 19/3)

ශාන්ත සිල්වෙස්තර පළමු ඉනිම – 170/4

(කවීෂ චන්දිමාල් 80, පියුමක කරුණාරත්න 43, කෙනුල පිහිලියංග 45/3)

කිංග්ස්වුඩ් දෙවැනි ඉනිම  – 100/6

(චාමික බස්නායක 42/4)

ක¼දාන දි මැසිනෝද් _ ගලහිටියාව මමවි

ගලහිටියාව මමවි පළමු ඉනිම – 124

(රසිත් නිම්සර 61, රොවින් කිත්මුක 46/3)

දි මැසිනෝද් පළමු ඉනිම -159

(තිසංග සේමිත් 65, ජලින අයෝධ්‍ය 25/5)

ගලහිටියාව මමවි දෙවැනි ඉනිම 15/5

ඉෂාන් රශ්මිත