ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ 30 වැනි වාර්ෂික සම්මාන සඳහා අයැදුම්පත් නිකුත් කරයි

0
9

ශ්‍රී  ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (ව්ඛ්ඡ්) විසින් පැවැත්වීමට නියමිත 30 වැනි වාර්ෂික අපනයන සම්මාන උළෙල 2022 දෙසැම්බර් 2 දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර වාර්ෂික සම්මාන සඳහා අදාළ අයැදුම්පත් නිල වශයෙන් නිකුත් කිරීම පසුගියදා සිදු කෙරිණි. මෙම සම්මාන සඳහා අයැදුම් කිරීමට කැමැත්තක් දක්වන අපනයනකරුවන්ට ව්ඛ්ඡ්  නිල වෙබ් අඩවිය (ඹඹඹ.දජඥ.තඬ) වෙත පිවිසීමෙන් අදාළ අයැදුම්පත් බාගත කළ හැකිය.

ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී  ලාංකේය අපනයනකරුවන්ගේ විශිෂ්ටත්වය හඳුනා ගනිමින් ඔවුන් ඇගයීම නිසාම වාර්ෂික අපනයන සම්මාන උළෙල මෙරට ව්‍යාපාරික ක්‍ෂේත්‍රය තුළ කාගේත් අවධානය දිනාගනිමින්, ජාතික වැදගත්කමක් සහිත උළෙලක් බවට පත්වී ඇත. දැඩි අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද පසුගිය වසර 29ක කාලය තුළ අඛණ්ඩව මෙම සම්මාන උළෙල පැවැත්වීමට හැකිවීම පිළිබඳව ශ්‍රී  ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය සිහිපත් කරන්නේ මහත් අභිමානයෙනි.

“හඳුනාගැනීම, ඇගයීම හා ශක්තිමත් කිරීම’ යන තේමා පාඨය මුල්කර ගනිමින්, ශ්‍රී  ලාංකේය අපනයනකරුවන් වෙනුවෙන් 30 වසරක් පුරා කැප වී සිටින, ශ්‍රී  ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය මෙවර සිය වාර්ෂික අපනයන සම්මාන උළෙලේ ‘මුතු සංවත්සරය’ සමරයි.

මෙරට විශිෂ්ටතම අපනයනකරුවන්  හඳුනා ගනිමින් ඔවුන් ඇගයීම මෙන්ම, සෙසු අපනයනකරුවන් තුළද ධනාත්මක ආකල්පයන් ඇති කරමින්, සමස්ත අපනයන ක්‍ෂේත්‍රය දිරි ගැන්වීම වාර්ෂික අපනයන සම්මාන උළෙලේ ප්‍රධානතම අරමුණ වශයෙන් සඳහන් කළ යුතුය.

මෙම සම්මාන සඳහා අයැදුම්පත් ඇගයීමේ ක්‍රියාවලියේදී ඉහළම වෘත්තීය ප්‍රමිතීන් පිළිබඳව අවධානය යොමු කරනු ලබන ශ්‍රී  ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය විසින් වත්මන් ගෝලීය වෙළෙඳපොළේ අවශ්‍යතා පිළිබඳවද සමීපව නිරීක්ෂණය හා විශ්ලේෂණය කිරීම විශේෂිතය.

පසුගිය වසරේදී පැවැත්වූ වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී කුඩා, මධ්‍යම, විශාල හා විශාලතම යන සියලුම කාණ්ඩ යටතේ සදාචාරාත්මක අපනයන ක්‍රියාවලිය වෙනුවෙන් ‘ව්ඛ්ඡ්  අභියෝගතා කුසලානය’ ප්‍රදානය කිරීම ආරම්භ කෙරිණි.

මෙම වසරේදී ද අනෙකුත් සම්මානවලට අමතරව මෙම ව්ඛ්ඡ්  අභියෝගතා කුසලානය’ ඉහත සඳහන් සියලුම කාණ්ඩ සඳහා පිරිනැමීමට නියමිතය.

මෙවර වාර්ෂික අපනයන සම්මාන සඳහා අයැදුම්පත් යොමු කිරීම 2022 සැප්තැම්බර් 20 වැනි දිනෙන් අවසන් වීමට නියමිත වන අතර සාමාන්‍ය සම්මාන කාණ්ඩ සඳහා අයැදුම් කරන අයැදුම්කරුවන්ට, වසරේ හොඳම සදාචාරාත්මක අපනයනකරු සඳහා වන ‘ව්ඛ්ඡ් අභියෝගතා කුසලානය’ සඳහා වෙනම අයැදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

ධනඥපචබඪධදඵ@දජඥ.තඬ   ඊ මේල් ලිපිනයෙන් හෝ 0114344663 (දිලිනි) ඇමැතීමෙන් මේ පිළිබඳව වැඩි විස්තර දැනගත හැකිය.

ශ්‍රී  ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය, පසුගිය වසර 35 පුරාවට මෙරට අපනයනකරුවන් නියෝජනය කරන පෞද්ගලික අංශයේ වාණිජ මණ්ඩලයකි.