වන අලියෙක් කන්තලේදී යකඩ යකාට බිලි

0
7

ගල්ඔය සිට ත්‍රිකුණාමලය බලා ගමන් ගත් මගී දුම්රියේ කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේදී 20 වන දින අලියෙකු ගැටී මියගොස් ඇත. කවුඩුල්ල වනෝද්‍යානය තුළ සැරිසරන වයස අවුරුදු 30ක් පමණ වන මෙම වන අලියා අඩි 8ක් පමණ උසකින් යුක්තය.

අනතුර සම්බන්ධයෙන් ගිරිතලේ වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය කළිඟුආරච්චි මහතා වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

දුම්රිය මාර්ගයටද හානි වී ඇති බැවින් මේ වන විට අලුත්වැඩියා කටයුතු කරන බව අග්බෝපුර දුම්රිය ස්ථානයේ නිලධාරීන් පැවැසීය.

කන්තලේ ඩබ්.එම්. වික්‍රමසිංහ