ලැබුණු යූරියා පොහොර මිශ්‍රකර නව එළවළු පොහොරක් නිපදවයි

0
11

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු යූරියා පොහොර මිශ්‍ර කර ලංකා පොහොර සමාගම නව එළවළු පොහොරක් නිපදවා තිබේ.

කිලෝග්‍රෑම් දෙක, කිලෝග්‍රෑම් පහ ආදී වශයෙන් විවිධ ඇසුරුම් යටතේ පොහොර තොග වෙළෙඳපොළට හඳුන්වාදීමට ලංකා පොහොර සමාගම සැලසුම් කර තිබේ.

රට තුළ එළවළු පොහොර හිඟයක් ඇති වී තිබීම සලකා බලා මෙම එළවළු පොහොර වර්ගය නිපදවීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ‘මව්බිම’ට පැවැසීය.

යූරියා මිලට ආසන්න වශයෙන් සමාන සහන මිලකට මෙම පොහොර ගොවීන්ට දීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය. දැනට ලංකා පොහොර සමාගම පරීක්ෂණ මට්ටමින් සකස් කරගෙන යන මෙම එළවළු පොහොර ඉතා කෙටි කලක් ඇතුළත ගොවීන්ට දීමට පියවර ගන්නා බවද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

අමිත් මධුරංග ගමගේ