පොල්ලකින් පහරදී වියපත් මව මරලා

0
9

දෙහිඕවිට පොලිස් වසමට අයත් නාපාවල, පහළ දයිගල ප්‍රදේශයේදී පොල්ලකින් පහරදීමෙන් අවුරුදු 73ක සිවුදරු මවක් මියගොස් ඇති බව දෙහිඕවිට පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ අම්පාගල ආරච්චිලාගේ ආරියවතී යන අයයි. පසුගිය 18 වැනි දින ඇයගේ නිවෙසට ආසන්නයේ රබර් වත්තක් හරහා ගමන් කරමින් සිටියදී පස්වරු 4.30ට පමණ එම ගමේම පුද්ගලයකු විසින් බීමත්ව පැමිණ එම කාන්තාවගේ හිසට පහරදී තිබේ.

ඉන් බරපතළ තුවාල ලැබූ කාන්තාව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා යළිත් අවිස්සාවේල්ල රෝහලට එවා ඇති අතර පෙරේදා (19දා)  දින ඇය මියගොස් ඇත. සැකකරු දෙහිඕවිට පොලිසිය විසින් පෙරේදා 19දා අත්අඩංගුවට ගෙන එදිනම අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබන 2 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

උදුගොඩ – ඒ. නරසිංහ