පාසල් සතියට දින තුනක් පමණයි

0
115

රජයේ හා රජයේ අනුමත පාසල් මේ මස 25 වැනිදා යළි ආරම්භ වූ පසු සතියට දින තුනක් පමණක් පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත.

ඒ අනුව සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවලදී පමණක් පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (20දා) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හා ප්‍රවාහන ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළැඹි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් ‘මවබිම’ට පැවැසීය.

25 වැනිදායින් ඇරැඹෙන සතියේ එසේ දින තුනක් පාසල් පැවැත්වීමට නියමිත අතර අනතුරුව පාසල් පවත්වනු ලබන ක්‍රමවේදය 29 වැනිදා තීරණය කරන බවද එම නිලධාරියා කීය.

දැනට තීරණය වී ඇති පරිදි සැප්තැම්බර් මස 7 වැනිදා දක්වා, 2022 වසරේ පළමු වාරය දීර්ඝ කෙරෙන අතර දෙවැනි හා තෙවැනි පාසල් වාර පැවැත්වෙන අන්දම ඉදිරියේදී දැනුම් දෙන බවත් හෙතෙම සඳහන් කළේය.

විනීතා එම්. ගමගේ