නේවාසිකව සිටි ජර්මන් කත අබිරහස් ලෙස මියගිහින්

0
11

ගාල්ල, මැටරඹ ප්‍රදේශයේ නිවෙසක නේවාසිකව සිටි ජර්මන් ජාතික කාන්තාවක් නිවෙස තුළදී අබිරහස් ලෙස මියගොස් ඇති බව හබරාදුව පොලිසිය පවසයි. මියගිය කාන්තාව 60 හැවිරිදි වියේ පසුවන අයකු වන අතර ඇය මෙම නිවෙසේ තනිව පදිංචිව සිට ඇත. මෙකී කාන්තාව වරින් වර ජර්මනියට ගොස් මෙරටට පැමිණ මෙම නිවෙසේ ගතකොට ඇති බව පොලිසිය පවසයි. ඇය අවසන් වතාවට ජර්මනියේ සිට මීට සති දෙකකට පමණ ඉහතදී මෙරටට පැමිණ ඇති බවද පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

මියගිය විදේශීය කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා ඊයේ (20දා) ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහලට රැගෙන යෑමට නියමිතව තිබිණි.

ගාල්ල – කමල් විජේහේවා