තෙල් ජාවාරමුන් 997ක් අල්ලයි

0
21

නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කිරීම, ගබඩා කිරීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 997 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඒ ඉකුත් අප්‍රේල් 11 වැනිදා උදෑසන 6 සිට ඊයේ 20 දහවල් 6 දක්වා කාලය තුළ දිවයින පුරා පොලිසිය විසින් සිදුකරන වැටලීම්වලිනි.

මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් 1,077ක් සිදුකළ බවද පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඒ අනුව මෙම වැටලීම්වලින් පෙට්රල් ලීටර් 33,847ක්, ඩීසල් ලීටර් 109,634ක් සහ භූමිතෙල් ලීටර් 19,214ක්  පොලිසිය සිය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය අවධාරණය කළේය.

කීර්ති මෙන්ඩිස්