ජය පැරැදුමකින් තොරව අවසන් වෙයි

0
28

ඩයලොග් ආසියාටාහි සමූහ උප සභාපති
(ආයතනික සැලසුම් සම උපායමාර්ගික) මුනේෂ් ඩේවිඩ් විසින් තරගයේ වීරයා කුසලානය සාන්ත ජෝසප් පිලේ සදීෂ ජයවර්ධන වෙත පිරිනැමූ අයුරු.

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විදුහල් අතර පැවැති 8 වැනි සාන්තුවරයන්ගේ සටන පසුගියදා ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව ලකුණු රැස්කළ සාන්ත පීතර පිල පන්දුවාර 60ක් අවසානයේදී කඩුලු 8කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 251කි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ සාන්ත ජෝසප් පිලට පන්දුවාර 45.1කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 163ක් පමණි. දෙවැනි ඉනිම දියත් කළ සාන්ත පීතර පිල පන්දුවාර 59.5කදී කඩුලු 7කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 232කි. කෙසේ වෙතත් ලකුණු 321ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි ජෝසප් පිල කඩුලු 5කට ලකුණු 163ක් ලබා සිටි අතර, එහිදී විශිෂ්ට පිතිහරඹයක් දියත් කළ සදේශ් ජයවර්ධන ලකුණු 103ක් රැස්කරගැනීම කැපී පෙනිණි.

සාන්ත ජෝසප් විද්‍යාලයේ සදීෂ ජයවර්ධන තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර, ශෙවොන් ඩැනියෙල් දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත් විය. සාන්ත පීතර විද්‍යාලයේ ශෙනාල් බොතේජු දක්ෂතම පිතිකරු ලෙසත්, වනුජ සහන් දක්ෂතම පන්දු යවන්නා ලෙස සහ ලහිරු දවටගේ දක්ෂතම පන්දු රකින්නා ලෙස සම්මාන දිනාගත්තේය.

ලකුණු සාරාංශය

සා. පීතර පළමු ඉනිම – 251/8

(ශෙනාල් බොතේජු 81, දනාල් හේමානන්ද නොදැවී 55, එස්. ගුණතිලක 47, ශෙවොන් ඩැනියෙල් 67/2)

සා. ජෝසප් පළමු ඉනිම – 163

(ශෙවොන් ඩැනියෙල් 71, වනුජ සහන් 63/4, ශෙහාන් රුද්‍රිගු 26/3)

සා. පීතර දෙවැනි ඉනිම -232/7

(අභිලාෂ් දිනකර 61, ලහිරු දේවතගේ 53, ශෙවොන් ඩැනියෙල් 80/4)

සා. ජෝසප් දෙවැනි ඉසිම – 163/5

(සදේෂ් ජයවර්ධන නොදැවී 103)