කෝවිලේ තබා ආශීර්වාද කරන්න ගෙනා ලක්‍ෂ 10ක් කොල්ලකාලා

0
15

යාපනයේ ව්‍යාපාරිකයකු විසින් අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා වැය කිරීමට සූදානම් කළ රුපියල් ලක්‍ෂ 10ක මුදලක් කෝවිලක තබා ආශීර්වාද ලබා ගැනීමට ගිය අවස්ථාවේදී කොල්ලකරුවන් දෙදෙනකු පැමිණ එම මුදල පෙරේදා (19දා) පැහැරගෙන ගොස් තිබේ.

යාපනයේ කොටුව ආසන්නයේ පිහිටි මුනිඅප්පර් කෝවිල වෙත මෙම මුදල රැගෙන ගිය ව්‍යාපාරිකයා කෝවිලේ පූසාරිවරයා ලවා මුදල්වලට ආශීර්වාද කරමින් සිටියදී හදිසියේම කෝවිල තුළට පැමිණි පුද්ගලයන් දෙදෙනකු එම මුදල කොල්ලකා පලාගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්‍ෂණ ආරම්භ කොට තිබේ.

වවුනියාව – රසාදි චතුරංගි ගමගේ