කලහකාරී සිද්ධීන්ට සැක පුද්ගලයෝ 3225ක් අත්අඩංගුවට

0
21

ඉකුත් මැයි මස 9 වැනි දින දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩකාරී සහ කලහකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් පුද්ගලයන් 3225ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. ඊයේ (20දා) දිනය තුළ කරන ලද මෙහෙයුම්වලින්ද සැකකරුවන් 04 දෙනකු අත්අඩංගුවට ගෙන ඉන් පුද්ගලයන් දෙදෙනකු රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ අනුව ඉකුත් මැයි මස 9 වැනිදා සිදුවුණු සිදුවීම් සංඛ්‍යාව 858කි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති ඇති සැකකරුවන් ගණන 1177කි.

මේ අතර ප්‍රචණ්ඩකාරී සහ කලහාකාරී සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම දෛනිකව සිදු කරනු ලබන බව පොලිස් මූලස්ථානය අවධාරණය කළේය.

කීර්ති මෙන්ඩිස්