ඊයේ කොවිඩ් රෝගීන් 75ක්

0
30

කොවිඩ් ආසාදිත රෝගීන් 75 දෙනකු ඊයේ (20දා) හමුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. එමෙන්ම 19 වැනිදා දවස තුළ කොවිඩ් රෝගීන් දෙදෙනකු මියගොස් ඇති අතර ඔවුන් දෙදෙනාම අවුරුදු 60ට වැඩි පුද්ගලයන් බවද සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවූ තහවුරු කරගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 6,64,572ක් වන බවද එහි සඳහන්ව ඇත.

ක්‍රමානුකූලව රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බැවින්, කොවිඩ් රෝගය යළි හිස ඔසවමින් ඇති බව පෙනී යන බවත් සෞඛ්‍ය පුරුදු තරයේ පිළිපදින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් “මව්බිම” ට පැවැසීය.