ඉන්ධන අර්බුදය හමුවේ “භූතයාත්” ගණන් උස්සයි

0
15

තෙල් අර්බුදය හමුවේ ගොයම් කැපීමට නොහැකිව අසරණ වී සිටින ගොවීන්ගේ අස්වැන්න නෙළීමට රැගෙන එන යන්ත්‍ර (භූතයා) හිමිකරුවෝ ගොවීන් සූරා කන බවට තොරතුරු අනාවරණය වේ.

සියඹලන්ගමුව, පොල්පිතිගම, රඹේ හා මොරගොල්ලාගම ගොවිජන සේවා බල ප්‍රදේශ රැසක වගා කර තිබෙන කුඹුරුවල වී අස්වනු නෙළීමට මේ දිනවල සූදානම්ව සිටින ගොවීහු මේ බව ප්‍රකාශ කරති.

ඉන්ධන නැතැයි පවසන යන්ත්‍ර හිමිකරුවන් කෙසේ හෝ ඩීසල් සොයා ගත් බවට පවසා මෙලෙස උහුලන්නට බැරි ලෙසට ගාස්තුව වැඩිකර තිබෙන බවටයි ගොවීන් චෝදනා කරන්නේ.

වෙනදා පැයකට සුනාමි යන්ත්‍රයකට සාමාන්‍යයෙන් රුපියල් 3,600 _ 4,000 අතර අය කළ මුදල මේ වන විට රුපියල් 15,000ක් දක්වා වැඩිකර ඇතැයිද ගොවියකු සඳහන් කර සිටිති.

ප්‍රදේශයේ ගොවි මහතකුගෙන් විනාඩියකට රුපියල් 250 බැගින් යුතු වූ ගාස්තුවක් අය කිරීමට සුනාමි යන්ත්‍ර හිමිකරුවකු කටයුතු කළ බවයි.

මේ අතර යන්ත්‍රයකින් අක්කරයක වී අස්වනු නෙළීමට මෙතෙක් අය කළ රුපියල් 10,000 හා 12,000 අතරේ පැවැති මුදලද, රුපියල් 24,000 දක්වා වැඩිකර තිබෙන බවත්, මෙවැනි ගසා කෑම් නිසා අලි තර්ජන හමුවේ වැස්සට පළමු අස්වැන්න නෙළා ගැනීමට ලහිලහියේ සූදානම් වෙන ගොවීන් යන එන මං නොමැතිව කබලෙන් ළිපට වැටී සිටින බවයි.

පොල්පිතිගම _ නන්දන කැලේගම