අප්‍රිකානුවන්ගෙන් එංගලන්තයට ප්‍රහාරයක්

0
27

සංචාරක දකුණු අප්‍රිකානු පිල සමඟින් පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 62ක පරාජයක් උරුමකර ගැනීමට එංගලන්ත පිලට පසුගියදා සිදුවිය. මෙම ජයත් සමඟින් තරග 3කින් යුත් එක්දින තරගාවලියෙන් තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානුවන්ට හැකිවිය.

එම තරගයේ පළමුව ලකුණු රැස්කළ දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5කට ලකුණු 333ක් ලබාගත් අතර, එහිදී රෙසී වැන්ඩර් ඩුසෙන් ලකුණු 134ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම දියත් කළ එංගලන්තයට පන්දුවාර 46.5කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 271ක් පමණි. සටන්කාමී ඉනිමක් දියත් කළ ජෝ රූට් ලකුණු 86ක් රැස්කරගත් අතර, අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළ බෙන් ස්ටෝක්ස්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 5ක් පමණි.

ලකුණු සාරාංශය

දකුණු අප්‍රිකාව – 333/5

(රෙසී වැන්ඩර් ඩුසෙන් 134, එයිඩන් මාර්කම් 77, ජැන්මන් මලාන් 57)

එංගලන්තය – 271

(ජෝ රූට් 86, ජොනී බෙයාස්ටෝ 63, ඇන්රිච් නෝජේ 53/4)