අගමැති නිවෙස ගිනි තැබීමේ සිද්ධියට සැක තිදෙනෙක් පෙරෙට්ටුවකට

0
12

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවෙසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයන් තිදෙනකු 27 වැනි දින  හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා  ඉදිරිපත් කිරීමටත් එතෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්  කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (20දා) නියෝග කළේය.

 ගල්කිස්ස,  ජාඇළ හා ගාල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 28ත් 19ත් අතර වයසේ පසුවන සැකකරුවන් තිදෙනෙක් මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

ඊයේ දින (20දා) මෙම සැකකරුවන් පෙරෙට්ටුව සඳහා  බන්ධනාගාරය මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර පවතින විදුලි කප්පාදුව හේතුවෙන් පෙරෙට්ටුව පැවැත්වීමට නොහැකි වීම මත ලබන 27 වැනි දිනට යළි කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

හංසි නානායක්කාර