රනිල් ජනපති වූ පසු පාර්ලිමේන්තු අසුනට වෙන දේ

0
505

ජනාධිපති ධූරයට තේරී පත් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට කුමක් සිදුවන්නේ ද? යන්න සම්බන්ධයෙන් mawbima.lk වෙබ් අඩවිය සොයා බැලීමක් කළේ ය.

ඒ අනුව, අපි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවාගෙන් විමසීමක් කළෙමු.

එහිදී ඔහු සඳහන් කළේ, ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, වික්‍රමසිංහ මහතාගේ නම, නව ජනාධිපතිවරයා ලෙස රජයේ ගැසට් පත්‍රයේ පළ කළ යුතු බව ය.

එය දින තුනක් ඇතුළත සිදු කළ යුතු බව ඔහු පැවසීය.

පුංචිහේවා මහතා පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයාට එම මන්ත්‍රී ධූරය දැරිය නොහැකි බව ය.

ඒ අනුව, පුරප්පාඩු වන එම මන්ත්‍රී ධූරය සඳහා අදාළ පක්ෂයෙන් වෙනත් මන්ත්‍රීවරයෙක් නම් කළ යුතු බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

“ජනාධිපතිවරයාට ඒ මන්ත්‍රී ධූරය දරන්න බැහැ. දවස් තුනක් ඇතුළත පාර්ලිමේන්තු මහ ලේකම් ගැසට් කරන්න ඕනේ ජනාධිපති හැටියට. පාර්ලිමේන්තුවෙන් තමයි ඒක කරන්නේ. දැන් සාමාන්‍ය මතිවරනයෙකදී මැතිවරණ කොමිසම කරනවා වගේ, පාර්ලිමේන්තුවෙන් තේරුණු නිසා දවස් 3ක් ඇතුළත ගැසට් කරන්න ඕනේ. එතකොට ඒ සඳහා වෙන මන්ත්‍රීවරයෙක් ඒ පක්ෂයට පත් කරන්න පුළුවන්.”