අලුත් ජනපති තේරීමේ ඡන්ද විමසීම සජීවීව නරඹන්න (LIVE)

0
219

අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙරට පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම පිළිබඳව මීට පෙර ඇත්තේ, එක් අත්දැකීමක් වන අතර එනම් 1993 වසරේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ අභාවය නිසා එවකට වැඩබලන ජනාධිපති ඩී.බී. විජේතුංග ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සඳහා තේරී පත් වීම ය.

එය ඡන්ද විමසීමක් නොමැතිව සිදු වූ නමුත් මෙවර අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වන බව දැනටම ත් පවසා ඇති හෙයින් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුව තිබේ.

ඒ අනුව, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක යන පිරිස මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා වෙනුවෙන් තරග කිරීමට නියමිත ය.

එහි සජීවී විකාශය පහතින් නරඹන්න…