රනිල්ගේ දිවුරුම් දීම හෙට?

0
458

රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස හෙට (ජූලි 21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ පිළිබඳව නිල වශයෙන් තහවුරු කර ගැනීමට අප උත්සහ කළ ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවති අතර එහිදී රනිල් වික්‍රමසිංහ ඒකාන්තර බහුතර ඡන්දයෙන් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

ඡන්ද විමසීමේදී ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 134කි.

ඩලස් අලහප්පෙරුමට ඡන්ද 82ක් ලැබුණු අතර අනුර කුමාර දිසානායක ලබා ගත්තේ ඡන්ද 3ක් පමණි.

ඒ අනුව, රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂගේ ඉතිරි ජනාධිපති ධූර කාලයේ මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඡන්දයකින් තෝරා ගැනුණු පළමු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස ද ඔහු ඉතිහාසගත වනු ඇත.